රෝහල් ගතව ප්‍රතිකාර ලබන පාප් වහන්සේගේ ඡායාරූපයක් මුල්වරට මාධ්‍යයට

රෝහල් ගතව ප්‍රතිකාර ලබන පාප් වහන්සේගේ ඡායාරූපයක් මුල්වරට මාධ්‍යයට

නියුමෝනියාව ඇතුළු පෙනහළු ආශ්‍රිත ආබාධවලින් පීඩාවට පත්ව, මාසයකට වැඩි කාලයක් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ඡායාරූපයක් මාධ්‍යවලට නිකුත් කර තිබේ.

එම සේයාරුව මාධ්‍යවලට අනාවරණ කෙරුණේ උන් වහන්සේට ආශිර්වාද එක්කිරීමට ළමයින්ගේ සහභාගිත්වයෙන් සංවිධාන කර තිබූ හග් ඔෆ් හෝප් හෙවත් බලාපොරොත්තුවේ වැළඳගැනීම නම් ඉසව්වට සමගාමීවය.

උදෑසන දිව්‍ය සත්ප්‍රසාදය සැමරීමෙන් පසු ෆ්‍රැන්සිස් පාප් වහන්සේ යාච්ඤාවේ යෙදී සිටින ඡායාරූපයකුයි, මෙලෙස ප්‍රසිද්ධියට පත්කර ඇත්තේ.

පසුගිය පෙබරවාරි 14 වන දින පාප් වහන්සේ රෝහල්ගත කිරීමෙන් පසු නිකුත් කරන ලද උන් වහන්සේගේ පළමු ඡායාරූපය මෙයයි.

මේ අතර සුප්‍රකට රෝම මැරතන් තරගාවලිය ආරම්භයේදී පාප් වහන්සේ සිහිකරමින් තත්ත්පර 42ක නිහඬතාවක් පැවැත්වුණි.