මිදිගම වෙඩි තැබීමක්

මිදිගම වෙඩි තැබීමක්

මිදිගම පාතේගම ප්‍රදේශයේ නිවසකට කිසියම් පිරිසක් වෙඩි තබා පලා ගොස් ඇතැයි මිදිගම පොලිසිය පවසයි.

අද අලුයම මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

වෙඩික්කරුවන් නිවසේ ජනෙල් වලට සහ බිත්ති වලට වෙඩි ප්‍රහාර කීපයක් එල්ල කර ඇති බව පොලිසිය පවසයි.

එම වෙඩි ප්‍රහාරයෙන් ජීවිත හානි කිසිවක් සිදුවී නොමැති අතර සැකකරුවන් පිළිබඳ කිසිදු තොරතුරක් මෙතෙක් අනාවරණය වී නොමැති බවයි වාර්තා වන්නේ.