මැදිරිගිරියේ සංගීත පිටිය යුද පිටියක් කළ සැකකරුවන් 6ක් අත්අඩංගුවට

මැදිරිගිරියේ සංගීත පිටිය යුද පිටියක් කළ සැකකරුවන් 6ක් අත්අඩංගුවට

මැදිරිගිරිය, දිවුලන්කඩවල ප්‍රදේශයේ පැවති සංගීත ප්‍රසංගයක් අතරතුර ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් සම්බන්ධයෙන් සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මැදිරිගිරියේ පදිංචි හය දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් හෙට (17) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි, වාර්තා වන්නේ.

පොලිසිය සඳහන් කළේ, ඉතිරි සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් පහක් යොදවා ඇති බවයි.

පෙරේදා (14) රාත්‍රියේ දිවුලන්කඩවල ජනාධිපති විද්‍යාල ක්‍රීඩාංගණයේ පැවති සංගීත සංදර්ශනයක් අතරතුර මෙම කළහකාරී තත්ත්වය හටගෙන තිබුණි.