නවසීලන්ත කාන්තා කණ්ඩායමට සුපිරි ජයක්

නවසීලන්ත කාන්තා කණ්ඩායමට සුපිරි ජයක්

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමග පැවති දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය සත්කාරක නවසීලන්ත කාන්තා කණ්ඩායම කඩුලු 7කින් ජය ගෙන තිබේ.

ක්‍රයිස්චර්ච්හිදී පැවති තරගයේ කාසියේ වාසිය දිනූ සත්කාරක නවසීලන්ත කාන්තා කණ්ඩායම තීරණය කළේ, පළමුව පන්දු රැකීමටයි.

ඒ අනුව, පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 113ක් පමණි.

ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය වූ මනුදි නානායක්කාර ලකුණු 35ක් රැස් කළාය.

නායක චමරි අතපත්තු ලකුණු 23යි.

ලකුණු 114ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 3ක් තුළ කඩුලු 3ක් දැවී සිටියදි තරගය ජය ගත්තාය.

නායක සුසී බෙට්ස් ලකුණු 47යි.

බෲක් හැලිඩේ නොදැවී ලකුණු 46ක් රැස් කළා ය.

ඒ අනුව, තරග 3කින් සමන්විත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ තරගය බැගින් ජයගනිමින් කණ්ඩායම් දෙකම සමතත්ත්වයේ පසුවනු ඇත.