මංකොල්ලකරුවෙක් ගල් ප්‍රහාරයකින් මරුට

මංකොල්ලකරුවෙක් ගල් ප්‍රහාරයකින් මරුට

පසල් සිසුවෙකුගේ මුදල් කොල්ලකෑ පුද්ගලයකුට ප්‍රදේශයේ අවට සිටි පිරිස විසින් ගල්වලින් පහර දිමෙන් තුවාල ලබා මියගොස් අතැයි කොහුවල පොලිසිය කියයි.

කොහුවල පොලිස් වසමේ එස්.ඩී.එස්.ජයසිංහ මාවත ,මල්වත්ත පාර හංදිය අසලදී පාසල් දරුවාගේ මුදල් කොල්ලකැම සිදුකරන අවස්ථවෙදි එය දුටු අවට සිටි පිරිස විසින් ඔහුට ගල්වලින් පහරදි පන්නා දමා ඇත.

පහර කැමත් සමග ඔහු එම ස්ථානයෙන් පලා ගොස් ඇති බව පොලිසිය පවසයි.

පසුව මුදල් කොල්ලකෑම සිදුකළ පුද්ගලයා නුගේගොඩ නාලන්දාරාම පාර ඇවිදින මංතීරුව අසල තුවාල ලබා වැටී සිටියදි කොහුවල පොලිස් ස්ථානයේ නිලධාරීන් ඔහුව කලුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව එම පුද්ගලයා මියගොස් ඇතැයි පොලිසිය කියයි.