අපේ වතු වලටත් සත්තු එනවා – සත්තු ගණන් කරන්න පාර්ලිමේන්තුවේ හෙට නිවාඩු දෙන්න

අපේ වතු වලටත් සත්තු එනවා – සත්තු ගණන් කරන්න පාර්ලිමේන්තුවේ හෙට නිවාඩු දෙන්න

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාගේ වතු වලටත් වන සතුන් එන බැවින් එම වන සතුන් ගණන් කිරීම සඳහා සත්ව සංගණනය පැවැත්වෙන හෙට දින පාර්ලිමේන්තුවට නිවාඩු ලබාදිය යුතු බව බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

“ආණ්ඩුවේ විසිල් විතරයි. බල්ටි නෑ.පොල් ගෙඩිය ඉතිහාසයේ පළමු වතාවට වැඩිවුනේ ඔබතුමා අමාත්‍යංශය ගත්තාම. ඒක ඔබතුමාගේ වරදකුත් නෙමෙයි. හැබැයි හඳහන බලාගන්න. හරි නම් හෙට අපිට පාර්ලිමේන්තුව නිවාඩු දෙන්න.හෙට රිලා වදුරු සංගණනය තියෙනවා තියනවා.

අපි නැතුව අපේ ඉඩම්වල රිලව් ගණන් කරන්නේ කවුද? ඒක නිසා සත්තු ගණන් කරන්න අපිට හෙට පාර්ලිමේන්තුව නිවාඩු දෙන්න.ගෑණු රිලව් ,පිරිමි රිලව් වෙන වෙනම දාන මොකක්ද වැඩපිළිවෙළක් හදනවා කිව්වත් තාම ඒක වුනේ නෑ යනුවෙන්ද මන්ත්‍රීවරයා පැවසීය.