කොළඹ – මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය පොළොන්නරුවට සීමා කරයි
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මඩකලපුව මාර්ගයේ පුනානි හා වාලච්චේන අතර දුම්රිය මාර්ගය ජලයෙන් යටවීම නිසා අද (27) කොළඹ කොටුව සිට මඩකලපුව දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට පොළොන්නරු දක්වා සීමා කිරීමට පියවර ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර කොළඹ කොටුව සිට මඩකලපුව දක්වා සහ මඩකලපුව සිට කොළඹ කොටුව දක්වා අද උදේ ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය දෙකක් අවලංගු කිරීමට සිදු වූ බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය සදහන් කරයි.
මේ වනවිට මඩකලපුව මාර්ගයේ ගංවතුර තත්ත්වයක් පවතින බව දෙපාර්තමේන්තුව පවසයි.