වගා ළිඳකට වැටී දරුවෙක් ජීවිතක්ෂයට

වගා ළිඳකට වැටී දරුවෙක් ජීවිතක්ෂයට

මඩුව පොලිස් වසමේ කල්ලිකුලම් ප්‍රදේශයේදී වගා ළිඳකට වැටී දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ ඊයේ (16) උදෑසන මෙම අනතුර සිදුව ඇති බවය.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 10ක පිරිමි දරුවෙක්.

දරුවා ළිඳට ගොස් වතුර ගැනීමට යාමේදී බාල්දිය ළිඳට වැටීම හේතුවෙන් එය ගැනීමට උත්සාහ කිරීමේදී ළිඳට වැටී මියගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර ඥාතීන්ට භාර දී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මාමඩුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.