අවසන් රැලියේ දී රිෂාඩ්ගේ සහ මස්තාන්ගේ ආධාරකරුවන් ගැටී දෙදෙනෙක් රෝහලට
වවුනියාව, පට්ටාන්ච්චිචූර් හි මැතිවරණ ප්‍රචාරණ රැලියක් අතරතුර හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහ හිටපු රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් මහතාගේ ආධාරකරුවන් දෙපිරිසක් අතර ඊයේ (11) රාත්‍රියේ දී ඇතිවු ගැටුමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි වවුනියාව පොලිසිය පවසයි.
ජන හමුවක් නිමාකර හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා හා ඔහුගේ ආධාරකරුවන් ගමන් කරමින් සිටියදී, හිටපු රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් මහතාගේ ආධාරකරුවන් පිරිසක් ඔවුන්ට ‘හූ‘ තැබීමත් සමග දෙපාර්ශවය අතර මෙම ගැටුම හටගෙන තිබේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් මහතාගේ අවසන් ප්‍රචාරණ රැලිය පට්ටාන්ච්චිචූර් ප්‍රදේශයේ පැවති අතර එම අවස්ථාවේදී එම ස්ථානයෙන් ගමන් ගත් රිෂාඩ් බදියුදීන් මහතාගේ වාහනයට සහ පරිවාරක රථ වලට කාදර් මස්තාන් මහතාගේ ආධාරකරුවන් පහරදී අලාභ හානි සිදුකර ඇති බව පොලිසිය සඳහන් කළේය.
පසුව දෙපාර්ශවය අතර ගැටුමක් හටගෙන ඇති අතර, වවුනියාව පොලීසිය මැදිහත්ව දැඩි පරිශ්‍රමයකින් ගැටුම සමතයකට පත්කර තුවාල ලැබූවන් වවුනියාව රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.
ගැටුමට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලීසිය හා නෙලුක්කුලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.