මහ මැතිවරණයේ ආරක්ෂාවට පොලීසියේ 64000 ක්

මහ මැතිවරණයේ ආරක්ෂාවට පොලීසියේ 64000 ක්

මහ මැතිවරණයේ ආරක්ෂාව වෙනුවෙන් අද (12) දිනයේ සිට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පවසයි.

ඒ අනුව, දිවයිනේ මුළු ඡන්ද කොට්ඨාසවල පිහිටා ඇති ඡන්ද මධ්‍යස්ථාන සියල්ල ආවරණය වන පරිදි පොලිස් නිලධාරීන් 64,000ක් සහ විශේෂ කාර්ය බලකාය මෙන්ම ත්‍රිවිධ හමුදාව ද යෙදවීමට කටයුතු කරන බවයි, ඒ මහතා සඳහන් කළේ.

නිදහස් සහ සාමකාමී මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය සහාය ලබාදෙන ලෙස සියලුදෙනාගෙන් ඉල්ලීමක් කරන බව ද නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS