කොරියානු E8 රැකියා අපේක්ෂකයින් පිරිසක් කාර්යංශය ඉදිරිපිට විරෝධතාවක

කොරියානු E8 රැකියා අපේක්ෂකයින් පිරිසක් කාර්යංශය ඉදිරිපිට විරෝධතාවක

E8 වීසා ක්‍රමය යටතේ කොරියානු රැකියා සඳහා විදෙස් ගතවන ශ්‍රමිකයින්ට, අවසර ලබා දීම ප්‍රතික්ෂේප කිරීමට විරෝධය පළ කරමින් වීසා අපේක්ෂකයින් පිරිසක් බත්තරමුල්ල විදේශ රැකියා නියුක්ති කාර්යංශය ඉදිරිපිට උද්ඝෝෂණයක් ආරම්භ කර තිබේ.

කොරියානු E8 වීසා ලබා බියුරෝවෙන් අගතියට පත් ජනතා එකමුතුව විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර ඇති අතර ඔවුන් අද සවස 2ට මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට පෙත්සමක් භාර දීමටද නියමිතයි.

කොරියානු E- 8 වීසා ක්‍රමය යටතේ ලැබී ඇති වීසා 107ක් සදහා නිසි ලියාපදිංචියක් නොලැබීම හමුවේ තමන් පීඩාවට පත්ව ඇති බවයි, උද්ඝෝෂකයින් පවසන්නේ.

ඒ අනුව, සිය ගැටලු සදහා රජය කඩිනම් විසදුමක් ලබා දිය යුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මෙම වීසා ක්‍රමය යටතේ ධීවර සහ කෘෂිකාර්මික අංශ සදහා කෙටි කාලීන වීසා නිකුතුවක් සිදු කරන අතර මේ වන විට මෙරටට එම රැකියා අවස්ථා 107ක් සදහා වීසා පහසුකම් ලැබී තිබේ.

එලෙස ලැබී ඇති වීසා 40ක් මේවන විට කල් ඉකුත් වී ඇති බවද වීසා අපේක්ෂකයින් පෙන්වා දෙයි.