ලොරි රියදුරෙකුගෙන් බලෙන් මුදල් ලබාගත් සැරයන් අත්අඩංගුවට

ලොරි රියදුරෙකුගෙන් බලෙන් මුදල් ලබාගත් සැරයන් අත්අඩංගුවට

බලපත්‍ර නොමැතිව උණ බට ප්‍රවාහනය කිරීම සහ නියමිත පන්තියට අදාල බලපත්‍රයක් නොමැතිව වාහනයක් ධාවනය කිරීම සම්බන්ධයෙන් නිත්‍යානුකූලව කටයුතු නොකර සිටීම සඳහා රුපියල් 1500 මුදලක් බලෙන් ලබාගත් බවට පැවසෙන පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව නිකවැරටිය පොලිස් අධිකාරී කාර්යාලය පවසනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොබෙයිගනේ පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කළ පොලිස් සැරයන්වරයෙක්.

ලොරි රථ රියදුරකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පොලිස් සැරයන්වරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පොලිස් සැරයන්වරයා විතිකුලිය මාර්ගයේ මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටින අවස්ථාවේදී ඊයේ(10) ලොරි රථය පරීක්ෂා කිරීමේදී එම රියදුරුට නියමිත පන්තියට අදාළ රියදුරු බලපත්‍රයක් සහ උණ බට ප්‍රවාහනය කිරීම සඳහා නියමිත බලපතක් තිබී නොමැති බව පොලිසිය පවසනවා.

මෙහිදි මෙම පොලිස් සැරයන්වරයා විසින් එම රියැදුරුට නීතියෙන් කටයුතු නොකර සිටීම සඳහා රුපියල් 1500ක මුදලක් බලෙන් ලබාගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.