මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු වලට අදාළව කොමිසමෙන් මාධ්‍යට කොන්දේසි රැසක්

මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු වලට අදාළව කොමිසමෙන් මාධ්‍යට කොන්දේසි රැසක්

මහ මැතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු අද (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන අතර ඊට පසු එළැඹෙන නිහඬ කාල සීමාව තුළ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු නොකළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කරයි.

ඒ අනුව, අද (11) පැවැත්වෙන අවසන් දේශපාලන ප්‍රචාරක රැස්වීම්වල වීඩියෝ දර්ශන හා විස්තර විකාශය කිරීම හෙට (12) දා රූපවාහිනී හා ගුවන් විදුලි විකාශවල එක් ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයකට පමණක් සීමා කළ යුතු බවත් පුවත්පත් සිරස්තල ඉදිරිපත් කිරීමේදී වෙනත් විස්තර හෝ අදහස් නොමැතිව පුවත්පතේ පුවත් සිරස්තලය පමණක් ඉදිරිපත් කළ යුතු බවත් මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

අද පැවත්වෙන ප්‍රචාරක රැස්වීම් වාර්තා හෙට (12) පුවත්පත් හා ඒවායේ සමාජ මාධ්‍ය ජාලාවන්හි පල කළ හැකිවේ.

අනෙකුත් සියලු සමාජ මාධ්‍ය ජාලාවලටද මෙකී කොන්දේසි අදාලවන බවත් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

එමෙන්ම 13 හා 14 දෙදිනෙහි පුවත්පත් සිරස්තල ඉදිරිපත් කිරීමේදී හෝ වෙනත් ලෙසකින් මැතිවරණයේ දේශපාලන ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම හෝ පක්ෂ හෝ අපේක්ෂකයන් ප්‍රවර්ධනයට හෝ අගතියට පත්වන අන්දමේ කිසිදු පුවතක් හෝ පළ නොකළ යුතු බවටද මැතිවරණ කොමිෂන් සභාව සියලු මාධ්‍ය ආයතනවලට කොන්දේසි පනවා තිබේ.

COMMENTS