මහ මැතිවරණය හේතුවෙන් දිවයින පුරා සුරාසල් වැසෙන්නේ මෙහෙමයි

මහ මැතිවරණය හේතුවෙන් දිවයින පුරා සුරාසල් වැසෙන්නේ මෙහෙමයි

එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් දිවයින පුරා පිහිටි සුරාසල් නොවැම්බර් 14 සහ 15 යන දෙදින වසා තැබීමට නියමිත බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණයත් 15 වැනිදාට පොහොය දිනයත් යෙදී ඇති බැවින් මෙම දිනයන් දෙකෙහිම සුරාසල් වසා තැබීමට මෙසේ කටයුතු කර ඇති බවයි, එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ.

එමෙන්ම, සුරාසල් වසා තැබීමට නියමිත දිනවල නීති උල්ලංඝනය කරමින් නීති විරෝධී ආකාරයට කටයුතු කරන සුරාසල්වලට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස සුරාබදු කොමසාරිස් ජනාල්වරයා උපදෙස් දී ඇති බව සඳහන්.