පියා පැදවූ ජීප් රථයට යටවී කුඩා දරුවෙක් මරුට
මරදාන – දුම්රිය නිල නිවාස ඉදිරිපිට දී ජීප් රථයක් නිවස අසල ගාල් කිරීමට යන අවස්ථාවේදී කුඩා දරුවෙකු ජිප් රථයට යටවී මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 03ක් වූ දුම්රිය නිවාස, මරදාන ප්රදේශයේ පදිංචිව සිටි දරුවෙක්.
ඊයේ (10) දහවල් පියා විසින් නිවස අසල ජීප් රථය ගාල් කිරීමට පිටුපසට ගැනීමේදී පිටුපස සිටි ඔහුගේ දරුවා එම රථයට යටවීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී තිබේ.
මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් මරදාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.