සැකකටයුතු ජීප් රියක් උඩුදුම්බරින් සොයා ගනී
උඩදුම්බර පොලිස් වසමේ උයන්වල ප්රදේශයේ නිවසක ගරාජයක් තුළ නවතා තිබූ සැක කටයුතු ජීප් රථයක් උඩදුම්බර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම ජීප් රථය සම්බන්ධයෙන් පොලිසිය අදාළ නිවෙස් හිමියාගෙන් සිදු කළ ප්රශ්න කිරීම් වලදී ඔහු පවසා ඇත්තේ මීට මාස හයකට පෙර ඔහුගේ නිවසේ පැවති පිරිතකට සහභාගිවීමට පැමිණි හිමිනමක විසින් එම ජීප් රථය නවතා දමා ගිය බවයි.
එම ජීප් රථයේ සවිකොට තිබූ අංකය ඔස්සේ සිදු කළ විමර්ශනයකදී අනාවරණය වී ඇත්තේ කුරුණෑගල ආඳාගල ප්රදේශයේ එම අංකයට ලියාපදිංචි තවත් ජීප් රථයක් ඇති බවටය.
සැකකටයුතු ජීප් රථය නවතා ගිය බව කියන මහියංගණය ප්රදේශයේ හිමිනමකට පොලිසියට පැමිණ ප්රකාශයක් ලබා දෙන ලෙස දැනුම් දී ඇති අතර එකම අංකයට ඇති ජීප් රථ දෙක සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ වී තිබේ.