අකුරණ ජලයෙන් යටවෙයි

අකුරණ ජලයෙන් යටවෙයි

මහනුවර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශ වලට අද 08 වනදා පස්වරුවේ සිට ඇද හැළෙන අධික  වැසි හේතුවෙන් මහනුවර යාපනය ඒ් 09 මාර්ගය අකුරණ නගරය ජලයෙන් යට වී  තිබේ.

අකුරණ නගරය හරහා ගලා යන ප්‍රධාන ඔය සහ වහගල ඔය පිටාර ගැලිම නිසා අකුරණ නගරයේ ප්‍රධාන මාර්ග ජලයෙන් යටව තිබූ අතර හතේ කණුව, කුඩුගල ඇතුළු ප්‍රදේශද ජලයෙන් යටව තිබිණ. නගරය ජලයෙන් යට වීම හේතුවෙන් මහනුවර යාපනය ඒ් 09 මාර්ගයේ වාහන ගමනාගමනය පැය තුනකට වැඩි කාලයක සිට ඇන හිට තිබිණ.

අකුරණ නගරයේ ප්‍රධාන ඔය සහ වහගල ඔය පිටාර ගැලීම නිසා වසරකට කිහිප වරක් අකුරණ නගරයට ගංවතුර ඇති වීම සාමාන්‍ය තත්වයක්  බවට පත්ව තිබේ.