මෙක්සිකෝවේ ට්‍රක් රථයක් තුළ තිබී මළසිරුරු 11 ක් සොයාගනී

මෙක්සිකෝවේ ට්‍රක් රථයක් තුළ තිබී මළසිරුරු 11 ක් සොයාගනී

දකුණු මෙක්සිකෝවේ ගුරේරෝ ප්‍රාන්තයේ චිල්පන්සින්ගෝ නගරයේ අතහැර දමන ලද පිකප් ට්‍රක් රථයක් තුළ තිබී ළමුන් දෙදෙනෙකු ඇතුළු 11 දෙනෙකුගේ මළසිරුරු සොයාගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එලෙස මියගොස් සිටි 11 දෙනාගෙන් දෙදෙනෙකු කාන්තාවන් බවයි.

ඔවුන් කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර මෙය මනුෂ්‍ය ඝාතනයක් ලෙස සලකන බව එරට පොලීසිය සඳහන් කර තිබේ.

ඝාතනයට ලක්වූවන් හඳුනා ගැනීම සඳහා අධිකරණ වෛද්‍ය කණ්ඩායමක් එම ස්ථානයට ගොස් ඇති අතර පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.