රියදුරු බලපත්‍ර 3000කට අධික ප්‍රමාණයක් අවලංගු කෙරේ

රියදුරු බලපත්‍ර 3000කට අධික ප්‍රමාණයක් අවලංගු කෙරේ

2024 වසරේ ගත වූ කලය තුළ අධිකරණ මගින් රියදුරු බලපත්‍ර 3000කට අධික ප්‍රමාණයක් තාවකාලිකව අවලංගු කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

මේ වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුළ රියදුරු බලපත්‍ර 3,249ක් තාවකාලිකව අවලංගු කර ඇති බවයි,
එහි අධ්‍යක්ෂ ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ පැවසුවේ.

රියදුරන් විසින් සිදු කරනු ලැබු විවිධ වැරදි සඳහා පැවති නඩු විභාග වලදී අධිකරණ විසින් අදාළ රියදුරු බලපත්‍ර මෙලෙස තාවකාලිකව අවලංගු කර ඇති බව ඔහු පැවසීය.