තැපැල් ඡන්දය සලකුණු කිරීමේ අවසන් දිනය අද
2024 මහ මැතිවරණයේ තැපැල් ඡන්දය සළකුණු කිරීම සඳහා ලබා දී තිබූ කාලය අදින් (08) අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
තැපැල් ජන්දය සලකුණු කිරීමට ලබා දී තිබූ පසුගිය මස 30, නොවැම්බර් මස 01 හා 04 යන දිනයන් හිදී හා ඊයේ (07) සිය තැපැල් ජන්දය සලකුණු කිරීමට නොහැකි වූ රාජ්ය ආයතනවල තැපැල් ජන්ද දායකයින්ට අද (08) ඒ සඳහා අවස්ථාව සලසා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්රී රත්නායක මහතා පැවසීය.
ඒ අනුව, තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්රික්කයේ, දිස්ත්රික් ලේකම් කාර්යයාලයේදී තැපැල් ඡන්ද මෙතෙක් සලකුණු නොකළ ඡන්ද දායකයින්ට ඒ සඳහා අවස්ථාව පවතින බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්රී රත්නායක මහතා පැවසීය.