ලොහාන් රත්වත්තේ සහ බිරිඳ යළි රිමාන්ඩ්
නීති විරෝධී අයුරින් විදේශයකින් මෙරටට ගෙන්වා එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් භාවිත කිරීමේ චෝදනාවට අදාළව අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සහ ඔහුගේ බිරිඳ ශෂී ප්‍රභා රත්වත්තේ එළඹෙන 18 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ, ඔවුන් අද (07) උදෑසන නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
මෙම සිද්ධියට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පසුගිය මස 31 වැනිදා සහ ඔහුගේ බිරිඳ පසුගිය 04 වැනිදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.