ඡන්ද පොස්ටර් ප්‍රවාහනය කල ත්‍රිරෝද රථ රියදුරෙකුට ලක්ෂයක දඩයක්
අපෙක්ෂකයා නොමැතිව එක්සත් ප්රජාතන්ත්රවාදි හඩ පක්ෂයේ පොස්ටර් ප්‍රවාහනය කල ත්‍රිරෝද රථ රියදුරාට රු ලක්ෂයක දඩයක්.
හැටන් සිට නුවරඑලිය දක්වා මුද්‍රණ ආයතනයක නාමයක් නොමැතිව එක්සත් ප්රජාතන්ත්රවාදි හඩ පක්ෂයේ පොස්ටර් තොගයක් ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කල සැකකරුවෙකු ලිදුල පොලිසිය විසින් (03) දින අත්අඩංගුවට ගෙන නුවරඑළිය මහෙස්ත්‍රාත් ප්‍රබුද්ධිකා ලංකාගනි මෙනවිය වෙත (05) දින ඉදිරිපත් කර තිබුණි.
එහිදී සැකකරු අධිකරණය හමුවේ වරද පිළිගැනීම හේතුවෙන් චූදිතයාට රු ලක්ෂයක දඩ මුදලක් ගෙවන ලෙසට මහෙස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.
මෙසේ දඩ මුදල් ගෙවිමට නියෝග කරනු ලැබුවේ නුවරඑළිය උඩුපුස්සැල්ලාව ඩෙල්මාර් වත්තේ පදිංචි නාගමුත්තු සත්‍යනාදන් (46) හැවිරිදි අයටයි.
සැකකරු පොස්ටර් සහ අත්පත්‍රිකා ප්‍රවාහනය කරමින් තිබියදී ලිදුල පොලිසියේ නිලධාරින් විසින් හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ලිදුල ලැමරියර් වත්ත ප්‍රදේශයේදි සැක සහිත ත්‍රිරෝද රථය නතර කර පරික්ෂා කිරිමේදි එම පක්ෂයෙන් නුවරඑලිය දිස්ත්‍රික්කය සදහා තරග කරන අනුෂ්කා චන්ද්‍රසේකරන් අපෙක්ෂිකාවගේ මනාප අංක සහිත පොස්ටර් සහ අත් පත්‍රිකා තොගයක් තිබි හමුවිමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.