පාස්පෝට් ගන්න මාර්ගගත ක්‍රමයට දින වෙන් කිරීම අද සිට

පාස්පෝට් ගන්න මාර්ගගත ක්‍රමයට දින වෙන් කිරීම අද සිට

විදෙස් ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහා දිනයක් වෙන්කරවා ගැනීමට අද සිට සිය වෙබ් අඩවියට පිවිස ඔන්ලයින් ක්‍රමය යටතේ සිදුකල හැකි බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

එහි වැඩබලන පාලක ජනරාල් නිලූෂා බාලසූරිය මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටියේ දිනයක් වෙන්කරවා ගැනීම සඳහා අද සිට සිය දෙපාර්තමේන්තුවට නොපැමිණෙන ලෙසයි.

ඒ අනුව අද සිට මාර්ගගත ක්‍රමයට දින වෙන්කර ගන්නා පුද්ගලයන්ට දින ලබාදීමට හැකියාව තිබෙන්නේ ලබන මස මුල සිට බව ඇය කියා සිටියේය.