මැතිවරණ කොමිසමේ විශේෂ හමුවක්

මැතිවරණ කොමිසමේ විශේෂ හමුවක්

දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරුන් හා නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් අද (06) මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ.

එම කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක මහතා සඳහන් කළේ, පාර්ලිමේන්තු මැතිවරණයේ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ඔවුන් කොළඹට කැඳ වූ බවයි.

මැතිවරණයේ ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවීම ඡන්ද ගණන් කිරීමේ කටයුතු මෙන්ම ඒ සඳහා රාජ්‍ය නිලධාරීන් යොමු කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡාවට ලක් කෙරෙනු ඇති.