රාජ්‍ය පරිපාලන සේවා ඇතුළු රජයේ විධායක සේවාවල පුරප්පාඩු 1200ක්

රාජ්‍ය පරිපාලන සේවා ඇතුළු රජයේ විධායක සේවාවල පුරප්පාඩු 1200ක්

රාජ්‍ය පරිපාලන සේවාව ඇතුළු රජයේ විධායක සේවා කිහිපයක 1200කට අධික පුරප්පාඩු සංඛ්‍යාවක් පවතින බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

ඉංජිනේරු සේවයේ ඇති පුරප්පාඩු සංඛ්‍යාව 250කට අධික බවයි පැවසෙන්නේ.

වැඩිම පුරප්පාඩු සංඛ්‍යාවක් පවතිනේ, රාජ්‍ය පරිපාලන සේවයේ හා ගණකාධිකරණ සේවාවලයි.

එම සංඛ්‍යාව 600කට අධික බව ද අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

අදාළ සේවාවන්ට බඳවා ගැනීම සඳහා මේ වනවිට විභාග පවත්වා අවසන් කර ඇති අතර එහි ප්‍රතිඵල මත බඳවා ගැනීම් සිදු කෙරෙනු ඇති.

සැලසුම් සේවයේ හා විද්‍යාත්මක සේවාවල පුරප්පාඩු 100 බැගින් පවතින බව ද අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

මෙම සියලු පුරප්පාඩු සඳහා බඳවා ගැනීම් කඩිනමින් සිදු කිරීමට සැලසුම් කර ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කරයි.