සැමියාගේ රෝහල තුළ තියුණු ආයුධයකින් ඇන බිරිඳ ඝාතනය කරලා
සර්වාංග රෝග විශේෂඥ වෛද්‍යවරයකුට අයත් ත්‍රිකුණාමලය ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක සිවුවැනි මහලේ දී එම වෛද්‍යවරයාගේ බිරිඳට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර තිබියදී අද (05) අලුයම සොයා ගත් බව ත්‍රිකුණාමලය මූලස්ථාන පොලිසිය පවසයි.
මෙම වෛද්‍යවරයා ඝාතනය සිදුවන අවස්ථාවේදී පෞද්ගලික රෝහලේ නොසිටි අතර ඔහු සේවය කරන මඩකලපුව ශික්ෂණ රෝහලේ සිට ඇති බවයි පැවසෙන්නේ.
තියුණු ආයුධයකින් ඇන ඝාතනය සිදුකළ බව කියන එම විශේෂඥ වෛද්‍යවරයාගේ බාල සහෝදරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ ඝාතනය කර ඇත්තේ එන්ජලි සුමේත්‍රා ගණේකබාහු (63) නැමති කාන්තාවය.
උදෑසන රාජකාරියට පැමිණි රෝහල් කාර්ය මණ්ඩලය මෙම ඝාතනය දැක මේ බව ත්‍රිකුණාමල මූලස්ථාන පොලිසියට දැනුම් දීමෙන් පසු එම ස්ථානයට පැමිණි මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් කුමාර ජයරත්න මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කර සැකකරු අත්අඩංගුවට ගනු ලැබූහ.
පොලිසිය එන විටත් ඝාතකයා එම ස්ථානයේ රැඳී සිටි ඇතැයි පොලිසිය කියයි. ඝාතනයට ලක් වූ කාන්තාව ලන්ඩන් සිට ගුවන් මගින් ලංකාවට පැමිණ අලුයම සිය වාසස්ථානයට පැමිණ කාමරයේ දොර විවෘත කරද්දී ඊට යාබද කාමරයේ නැවතී සිටි සැකකරු තියූණු ආයුධයකින් ඇණ මෙම ඝාතනය සිදුකර ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලින් අනාවරණය කර ගනු ලැබුහ.
සිද්ධිය වූ ස්ථානයට පැමිණි ත්‍රිකුණාමලය භාර සහකාර පොලිස් අධිකාරි චන්දන බස්නායක මහතා පරීක්ෂණ කටයුතු කඩිනම් කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දුන් අතර ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් ජීවරාණි කරුපයියා මහත්මිය ස්ථානීය පරීක්ෂණය සිදු කර අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර ත්‍රිකුණාමලයේ මහ රෝහල මෘත ශරීරාගාරයට රැගෙන යන ලෙසත් නියම කලේය.
අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් වික්‍රමසිංහ මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් පැමිණ විද්‍යාත්මක සාක්ෂි සටහන් කර ගැනීම මෙහිදී සිදු කළහ .සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ත්‍රිකුණාමල මූලස්ථාන පොලිසිය මගින් සිදු කරගෙන යයි .