කරාපිටිය රෝහලේ වර්ජනය අවසන්

කරාපිටිය රෝහලේ වර්ජනය අවසන්

අද (05) උදෑසන 8 සිට කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් විසින් ආරම්භ කර තිබූ අඛණ්ඩ වැඩවර්ජනය අවසන් කර තිබේ.

එම රෝහලේ පිළිකා ඒකකයේ විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරාගේ ක්‍රියාකලාපයට විරෝධය පළකරමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කළ අතර අදාළ වෛද්‍යවරයාව මහරගම අපේක්ෂා රෝහලට මාරුකර යැවීම සඳහා බලධාරීන් ක්‍රියාකිරීම හේතුවෙන් වැඩවර්ජනය අවසන් කර ඇත.

ඒ අනුව වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහරගම අපේක්ෂා රෝහල වෙත ස්ථාන මාරු කර යැවීමට ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ අධ්‍යක්ෂ එස්.ඩී.යු.එම් රංග විසින් නිකුත් කළ ලිපියක් මගින් කටයුතු කර තිබේ.

ඉදිරි විනය ක්‍රියාමාර්ග යටතේ සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුවේ ආවරණ අනුමැතියට යටත්ව මෙම ස්ථානමාරුවීම පිළිබඳ නියෝගය ලබා දී තිබේ. ඒ අනුව විශේෂඥ පිළිකා ශල්‍ය වෛද්‍යවරයා අද දින සිට කරාපිටිය රෝහලෙන් නිදහස් කර තිබෙනවා.

විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා වෛද්‍ය කාර්ය මණ්ලයේ විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙකුට තර්ජනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ හැසිරීමට විරුද්ධව කරාපිටිය රෝහලේ වෛද්‍ය කාර්යමණ්ඩලය සංකේත වර්ජනයක නිරත වූ අතර අද එය පූර්ණ වැඩ වර්ජනයක් ලෙස ක්‍රියාත්මක කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබුණි.