දවසේ ලග්න පලාපල – 2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා
රාහු කාලය
2:52 pm – 4:21 pm
සුභ දිශාව
නැගෙනහිර
මරු සිටින දිශාව
බස්නාහිර
මේෂ
කලබලකාරී ගති ඇති වෙයි. තනතුරු ලාභ ලබයි. මහජන සබඳතා ගෙනදෙන ක්‍රියාවන්හි යෙදෙන අතර දුර ගමන් ද යෙදේ. අමතර ලාභ ලැබීම් ගෙන දෙයි. තම වටිනාකම ප්‍රදර්ශනය වේ. ශිරෝ රෝග, සන්ධි රෝග මතුවේ.
වෘෂභ
අවිවේකී දිනකි. තරමක් අතපසුවීම් ඇති වෙයි. තම ක්‍රියාකාරකම් විවේචනයට පත්වෙයි. එබැවින් ගන්නා තීන්දු තීරණ දුරදිග බලා කළ යුතු ගමන් බිමන් ද බහුල වෙයි. වැය ඉහළයි. මුත්‍රා ආසාදන ගෙන දෙයි.
මිථුන
දවස ක්‍රියාකාරකම්වලදී ආරංචිවලින් කලබල වීම ශුභවාදී නොවේ. දුරදිග බලා තීන්දු තීරණ ගැනීම මැනවි. නොකළ වැරදිවලට චෝදනා ලැබීමට ද හේතුයි. එබැවින් ඉවසීමෙන් ක්‍රියාකළ යුතුයි. සෙම් කෝප රෝග ද මතුවේ.
කටක
ක්‍රියාකාරී දිනකි. නිතර ගමන් බිමන් යෙදන අතර විමසිලිමත්ව ක්‍රියාකළ යුතුයි. ළඟම ඥාතීන් නිසා වැයපස ඉහළට යයි. දහමට ද ලැදිව ක්‍රියා කරයි. හදිසි ධන ලාභ ද ලබයි. සන්ධි වාත රෝග මතු කරයි.
සිංහ
තරමක් අවිවේකී දිනකි. සමාජ සේවා කටයුතුවලමුල්වී ක්‍රියාකරයි. ආගමික උත්සව සංවිධානයට සහභාගිවීම් ආදියට හේතුයි. තරමක් මිල මුදල් වැය වෙයි. මුත්‍රා ආසාදන රෝග මතු කරයි.
කන්‍යා
ගමන් බිමන් බහුල වෙයි. සුහදතා වර්ධන ක්‍රියාවන් යෙදේ. මහජන ප්‍රසාදයට පත්වෙයි. ආගමානුකූල චාරිත්‍ර, දාන ශීලාදි ක්‍රියාවන්වල යෙදේ. හදිසි ධන වාසනා ලබයි. නේත්‍ර රෝග, මුඛ රෝග සාදයි.
තුලා
අන් අයගේ අවශ්‍යතා මත ක්‍රියාකිරීමට සිදුවන අතර මිල මුදල් ද බලාපොරොත්තු රහිතව වැය වෙයි. ආගමික වතාවත් උත්සව වැනි දේ ගරු කරයි. ප්‍රීති සාද වැනි දේවල් යෙදෙන වැය ඉහළ යන දිනකි. පෙණහලු ආසාදන රෝග සාදයි.
වෘශ්චික
සැහැල්ලු මනසින් දවස ගෙවයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශිව ක්‍රියාකරයි. ඔවුන් වෙනුවෙන් මිල මුදල් ද තරමක් වැය කිරීමට සිදුවෙයි. ආගමික වතාවත් පුද පූජා ගරු කර දවස ගෙවයි. ස්නායු රෝග, හන්දි රෝග මතුකරයි.
ධනු
ශුභා ශුභ මිශ්‍ර ඵල මතුකරයි. දවස නිවස ක්‍රියාකාරකම්වල යෙදේ. දහමට ලැදිව ක්‍රියා කරයි. තම ඥාතීන් වෙනුවෙන් වැයපස ඉහළ යයි. පැවැති සෙම් රෝග වර්ධනයට හේතුයි.
මකර
ශුභා ශුභ ඵල මතු කරයි. තරමක් ආත්මාර්ථකාමී ගති ඉස්මතු වෙයි. තම ළඟම ඥාතීන් වෙනුවෙන් මිල මුදල් වැය කරයි. නවක මිතුදම් ඇතිවන දිනකි. පාදවල පැවැති රෝග තවදුරටත් වර්ධනය වෙයි.
කුම්භ
ශුභවාදී ඵල දෙයි. දුරස්ථව සිටි තම ඥාතීන් සමීප කරවන ක්‍රියා යෙදේ. යටපත්ව තිබූ ණය ගනුදෙනුවක් තමනට වාසි ලෙස විසඳේ. ව්‍යාපාරවලින් ජය දෙයි. කොන්දේ වාත, ආදී රෝගවලට හේතුයි.
මීන
ශුභා ශුභ මිශ්‍ර ඵල මතුකරයි. කෙටි ගමන් බිමන් වැනි දේට ශුභයි. තම වෙළහෙළඳාම්වලින් ජය දෙයි. රාජකාරිවලින් පුරුදු ලෙස යුතුකම් ඉටුකරයි. ප්‍රේම සබඳතා වර්ධනය වෙයි. මූල රෝග වැනි රෝගවලට හේතුයි.