මිලි මීටර් 100 ඉක්ම වූ තද වැසි අදත්

මිලි මීටර් 100 ඉක්ම වූ තද වැසි අදත්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මධ්‍යම, සබගරමු, උතුරු මැද, ඌව පළාත් සහ කුරුණෑගල දිස්ත්‍රිකයේ ඇතැම් ස්ථානවලට මිලි මිටර් 100 ක පමණ තද වැසි ඇති වේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැදි ඇති වේ.

බස්නාහිර සහ දකුණු පළාත් අම්පාර දිස්ත්‍රිකයත් වෙරළ බඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී තැනින් තැන වැසි ඇති වේ.

අකුණු මගින් සිදුවන අතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.