විදෙස් ගමන් බලපත්‍රය ගන්න නව මාර්ගගත ක්‍රමයක්

විදෙස් ගමන් බලපත්‍රය ගන්න නව මාර්ගගත ක්‍රමයක්

විදෙස් ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහා නව මාර්ගගත ක්‍රමයක් හඳුන්වා දීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා කල්තියා දිනයක් වෙන් කර ගත හැකි බවයි, ආගමන විගමන පාලක ජනරාල් (වැඩබලන) ඩී.එම්.ඩී. නිලූෂා බාලසූරිය අද (04) පැවැති මාධ්‍ය හමුවකදී සදහන් කළේ.

එලැඹෙන 6 වැනි දින සිට නව මාර්ග ගත ක්‍රමය ක්‍රියාත්මක වන බවද ඇය එම මාධ්‍ය හමුවේදී පැවසුවාය.

ඒ, අනුව අනිද්දා (06) දිනයේ සිට දෙසැම්බර් මාසයේ සහ ඊට ඉදිරි මාස සදහා දින වෙන්කර ගැනීමේ හැකියාව පවතින බව වැඩබලන ආගමන විගමන පාලක ජනරාල්වරිය මෙහිදී වැඩිදුරටත් සඳහන් කළාය.