රන් මිල ඉතා ඉහළට
මැදපෙරදිග ඇති වී තිබෙන යුධමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළඳ පොළේ රන් මිල විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව මෙරට රන් මිලද වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මෙරට ඉතිහාසයේ ප්‍රථමවරට හෙට්ටිවීදියේ කැරට් 24 මෙන්ම කැරට් 22 රන් මිල රුපියල් 200,000 ඉක්මවා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ඔක්තෝම්බර් 31වනදා වන විට හෙට්ටිවිදියේ කැරට් 24 මිල සටහන් වුණේ රුපියල් ලක්ෂ 220,000 ලෙසයි.
එය ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කර තිබූ අතර කැරට් 22 රන් මිල 200,000 ලෙස ඉහළම අගයන් වාර්තා කර තිබුණි.
මේ අතර, පසුගිය සතියේ රන් අවුන්සයක මිල ඩොලර් 2,790ක් වැනි වාර්තාගත අගයක් දක්වා ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.
විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ ඇතැම් රටවල් ඔවුන්ගේ ආයෝජනයන් ලෙස රත්රන් පමණක් මිලදී ගන්නා අතර, යුද්ධය මධ්‍යයේ ද බොහෝ රටවල් එසේ රත්රන් මිලදී ගැනීම නිසා මෙසේ එකවර රත්රන් මිල ඉහළ ගොස් ඇති බවයි.