දුන්හිද අනතුරින් තුවාල ලැබූ KDU සරසවි සිසුවෙක් වාට්ටුවෙන් පැන ගිහින්
බදුල්ල මහියංගණ ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේ දී සිදු වූ බස්රථ අනතුරින් තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි සරසවි සිසුවෙකු ඊයේ (02) හොර රහසේ වාට්ටුවෙන් පැන පලාගොස් ඇතැයි බදුල්ල පොලිසිය පවසයි.
ජාඇල ඇලෙක්සැන්ඩර් මාවතේ පදිංචි, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිටි 24 හැවිරිදි සරසවි සිසුවෙකු මෙසේ රෝහලේ වාට්ටුවෙන් පැන හොර රහසේ පලාගොස් ඇති බව පොලිසිය පැවසීය