ගිනිඅවියක් පාතාලයට දෙන්න ගෙන ගිය STF නිල­ධා­රියෙක් අත්අ­ඩං­ගු­වට

ගිනිඅවියක් පාතාලයට දෙන්න ගෙන ගිය STF නිල­ධා­රියෙක් අත්අ­ඩං­ගු­වට

පොලිස් විශේෂ කාර්ය බළ­කා­යෙන් වැඩ තහ­න­මට ලක්ව සිටින පොලිස් පරී­ක්ෂ­ක­ව­ර­යකු ටී 56 අවි­යක් රැගෙන යමින් සිටි­යදී අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවි­ධා­නා­ත්මක අප­රාධ විම­ර්ශන කොට්ඨා­ශයේ නිල­ධා­රීන් ඊයේ (01) අලු­යම අලු­ත්ග­මදී අත්අ­ඩං­ගු­වට ගෙන තිබෙනවා.

මොහු පාතා­ලයේ ප්‍රබල මත්කුඩු ජාවා­ර­ම්ක­රු­වෙක් වන මාකි­ලං­ග­මුවේ සංජී­වගේ නියෝ­ග­ව­ලට අනුව පාතා­ලයේ ගිනිඅවි විවිධ අප­රාධ සඳහා ප්‍රවා­හ­නය කිරීම සිදු කරන බවයි වාර්තා වන්නේ.

මෙම පොලිස් පරී­ක්ෂ­ක­ව­රයා ඇල්ටෝ වර්ගයේ සිය මෝටර් රථයේ පිටු­පස ආස­නය කපා සකස් කළ රහස් ස්ථාන­යක ටී 56 අවිය පත­රොම් සමඟ සඟවා තිබුණු බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව සඳ­හන් කරයි.

මෙම පොලිස් පරී­ක්ෂ­ක­ව­රයා පදිං­චිව සිටින්නේ ද අලු­ත්ගම ප්‍රදේ­ශ­යේය. බූස්ස බන්ධ­නා­ගා­රයේ රඳවා සිටින මාකි­ලං­ග­මුවේ සංජීව සමඟ ඉතා කිට්ටු ඇසු­රක් ඇති මෙම පොලිස් පරී­ක්ෂ­ක­ව­රයා ගිනි අවි­යක් පාතාල අප­රා­ධ­ක­රු­ව­කුට ලබා­දී­මට අවි­ස්සා­වේ­ල්ලට රැගෙන යෑමට සූදා­නම් වන බවට කල්තියා ලද තොර­තු­ර­කට අනුව අලු­ත්ග­මදී මෝටර් රථය නත­ර­කර කළ පරී­ක්ෂා­වේදී ගිනි අවිය හමුවූ බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව සඳ­හන් කරයි.

මාකි­ලං­ග­මුවේ සංජීව නමැ­ත්තාගේ ගෝල­යෙක් වන වසන්ත නමැ­ත්තාට ලබා­දී­මට මෙම අවිය රැගෙන යමින් සිට ඇති බවත් යම් අප­රා­ධ­යක සූදා­න­මක් ඇති බව විම­ර්ශ­න­යේදී පෙනී යන බවත් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව සඳ­හන් කරයි.

අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවි­ධා­නා­ත්මක අප­රාධ විම­ර්ශන කොට්ඨා­සයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි ලකී රන්දෙ­ණිය මහ­තාගේ උප­දෙස් මත මේ සම්බ­න්ධ­යෙන් වැඩි­දුර විම­ර්ශන පැවැත්වේ.