මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දෙවන දිනය අද
එළඹෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීමේ දෙවන දිනය අදට යෙදී තිබෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
ඒ අනුව, අද දවසේ ත්‍රිවිධ හමුදා කඳවුරුවල නිලධාරීන්ට හා රාජ්‍ය ආයතනවල නිලධාරීන්ට තැපැල් ජන්දය සලකුණු කිරීමට අවස්ථාව සලසා ඇතැයි ඒ මහතා සඳහන් කළේය.
එමෙන්ම, ලබන හතරවනදාත් ඒ සඳහා අවස්ථාව ලබාදී තිබෙන අතර මෙම දිනයන්හිදී ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද දායකයින්ට ලබන 7 වනදා සහ 8 වනදා තම සේවා ස්ථානයේ පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වලදී ඡන්දය භාවිත කළ හැකි බවයි, මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.