නොවැම්බර් 4 සිට සරම්ප එන්නත් ලබාදීමේ වැඩසටහක්

නොවැම්බර් 4 සිට සරම්ප එන්නත් ලබාදීමේ වැඩසටහක්

කලින් සරම්ප එන්නත ලබා නොගත් හා එක් මාත්‍රාවක් පමණක් ලබාගත් පිරිස් වෙනුවෙන් සරම්ප රුබෙල්ලා ප්‍රතිශක්තිකරණ සතියක් දිස්ත්‍රික්ක 12ක ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු යොදා තිබෙනවා.

නොවැම්බර් 4 වනදා සිට 9 වනදා දක්වා එය ක්‍රියාත්මකයි.

ශ්‍රී ලංකාව සරම්ප රෝගය තුරන් කළ රටක් බවට ලෝක සෞඛ්‍ය සංවිධානය සහතික කළේ 2019 වසරේදීයි.

එහෙත් රෝගය 2020 මැයි මාසයේ සිට යළි වාර්තා වුණා.

වැඩිම පිරිස වාර්තා වන්නේ අවුරුදු 20ත්, 30ත් අතර වයස් කාණ්ඩයේයි.

එක් රෝගියෙකුගෙන් රෝගීන් 18 දෙනෙකුට සරම්ප රෝගය බෝ කළ හැකි බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

කැස්සෙන් , කිවිසුම් මගින් , සොටු දියර හා ආසාධිත මතුපිටවල් ස්පර්ශ කිරිමෙන් රෝගය පැතිර යා හැකියි.

සරම්ප හේතුවෙන් නිව්මෝනියාව , මොලය ඉදිමීම, අන්ධ භාවය , ශ්‍රවණාබාධ හා පාචන තත්ත්වයන් ද ඇති විය හැකි බව සෞඛ්‍ය අංශ පවසනවා.