දීපා­වලී දිනය අදයි

දීපා­වලී දිනය අදයි

හින්දු භක්ති­ක­යන් මහත් බැති­යෙන් සම­රනු ලබන ආග­මික උත්ස­ව­යක් වන දීපා­වලී උත්ස­වය අදට (31) යෙදී තිබේ.

අය­හ­පත පර­දවා යහ­ප­තත්, අඳුර පර­දවා ආලෝ­ක­යත් ජය­ග්‍ර­හ­ණය කිරීම සැම­රීම දීපා­වලී උත්ස­වයේ ප්‍රධාන අර­මු­ණයි.

වසර 35,000ක් පමණ පැරණි දීපා­වලී සැම­රුම වටා බැඳුණු පුරා­වෘත්ත රැසක් පව­තියි.

විෂ්ණු දෙවි­යන්, නර­ගා­සු­රන් නමැති අසු­රයා පරා­ජය කිරීම සිහි­පත් කර­මින් දීපා­වලී උත්ස­වය සම­රනු ලබන බව මේ අත­රින් වඩාත් ප්‍රකට කතා පුව­තයි.

තමන් ආලෝ­කය ලබා ගත් අයු­රින් ලොව සියලු දෙනා­ටම ආලෝ­කය දැකී­මට ඉඩ සල­ස­න්නැයි පරා­ජ­යට පත් නර­ගා­සු­රන් අසු­රයා විෂ්ණු දෙවි­ඳු­න්ගෙන් ඉල්ලී­මක් කර ඇති බව වේද සාහි­ත්‍යයේ සඳ­හන් වේ.

ලොව පුරා හින්දු බැති­ම­තුන් මෙම දිනය සිහි­පත් කර පහන් දල්වා ආග­මික වතා­ව­ත්වල නිරත වන්නේ එම පහ­න්වල ආලෝ­කය පරි­ද්දෙන් සිය­ල්ලන්ගේ සිත්ස­තන් තුළ ආලෝ­කය පැති­රේවා යන ඒකා­යන ප්‍රාර්ථ­නය පෙර­දැ­රි­වය.