නිල නිවාස භාර නොදුන් හිටපු අමාත්‍යවරුන්ට වැඩ වරදින ලකුණු
රජයේ නිල නිවාස අද (30) වන තෙක් භාර නොදුන් හිටපු අමාත්‍යවරුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.
මේ අතර හිටපු අමාත්‍යවරුන් 12 දෙනෙකු තවමත් නිල නිවාස රජයට භාරදී නොමැති බවයි, එම අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටින්නේ.
රජයේ නිල නිවාස අත්පත් කර ගැනීමේ රෙගුලාසි මත මෙම පියවර ගැනීමට කටයුතු කරන බවයි, සඳහන් වන්නේ.