දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනයක්
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ බදවාගැනීමේ සහ උසස්වීම් ගැටලුවට විසඳුම් දීමට බලධාරීන් අසමත්වීම හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරු අද (30) පස්වරු 4.30 සිට ප්‍රවේශපත් නිකුත් කිරීමේ රාජකාරිවලින් ඉවත්වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසීය.
ප්‍රවාහන අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයා සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ බලධාරීන් සමඟ එම ගැටලුව සම්බන්ධයෙන් අද පැවැති සාකච්ඡාව අසාර්ථක වූ බවත් ඒ අනුව මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට එළඹීමට විධායක සභාව තීරණය කළ බවත් සෝමරත්න මහතා කීය.