දිස්ත්‍රික්ක 11ක නිලජන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන්

දිස්ත්‍රික්ක 11ක නිලජන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන්

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා රජයේ මුද්‍රණාලය දිස්ත්‍රික්ක 11ක නිලජන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් කර මැතිවරණ කොමිෂන්ට භාර දුන් බව එහි ප්‍රකාශකයෙකු පැවසීය.

සෙසු දිස්ත්‍රික්කවල නිල ඡන්ද පත්‍රිකා මෙි වනවිට මුද්‍රණය කරමින් සිටින බවද හෙතෙම පැවසීය.

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණය ලබන මස 14 වැනිදා පැවැත්වීමට නියමිත කරන්න ඒ සඳහා ලියාපදිංචි වී ඇති ඡන්ද දායක  සංඛ්‍යාව 17140354කි.