ගසක එල්ලී අභිරහස් ලෙස මියගිය පුද්ගල මළසිරුරක් හමුවෙයි

ගසක එල්ලී අභිරහස් ලෙස මියගිය පුද්ගල මළසිරුරක් හමුවෙයි

අභිරහස් ලෙස මිය ගිය පුද්ගලයකුගේ මළ සිරුරක් කැකිරාව මුඩුපෙරුමාගම වැව් බැම්ම අසළ තිබී කැකිරාව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අද (30) පෙරවරුවේ සොයා ගෙන තිබේ.

පොලිසියට ලද තොරතුරක් අනුව එම මළ සිරුර සොයා ගෙන ඇති අතර මළ සිරුර සොයා ගන්නා අවස්ථාවේ ගසක එල්ලෙමින් තිබූ බව පොලිසිය පවසයි.

මළ සිරුර හමුවූ ස්ථානයේ තිබී ඇදුම් කිහිපයක් අඩංගු පාර්සලයක් හා පාවහන් යුගලක්ද පොලිසිය විසින් සොයා ගෙන තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ, කෑගල්ල තුංතොට අලවල ප්‍රදේශයේ පදිංචිව සිටි ගමරාළලාගේ මධුසංක අමරසිංහ නමැති අවුරුදු 25ක විවාහකයකු බවට පොලිසිය සිදු කළ මූලික විමර්ශණවලදී අනාවරණය වී තිබේ.

එම සැක කටයුතු මරණය සම්බන්ධයෙන් වූ ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට පොලිසිය කටයුතු කරමින් සිටින අතර එය මිනී මැරුමක් ද නැතහොත් සියදිවි නසා ගැනීමක් ද යන්න නිශ්චිතව අනාවරණය කර ගැනීම සඳහා වැඩිදුර පොලිස් විමර්ශන ආරම්භ කර තිබේ.