වීසා නොමැතිව මෙරට රැඳී සිටි බංගලාදේශ ජාතිකයන් 6ක් අත්අඩංගුවට
වීසා බලපත්‍ර නොමැතිව සීදූව අමන්ළුව ප්‍රදේශයේ ලැගුම්හලක රහසිගතව රැඳී සිටි බංගලිදේශ සංචාරකයින් හයදෙනකු අත්අඩංගුවට ගත් බව සිදුව පොලිසියේ ප්‍රධාන පොලිස් පරික්ෂක ස්ථානාධිපති ධනුෂ්ක මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණ ඇති ඊශ්‍රායල් ජාතිකයින්ගේ ආරක්ෂාව පිණිස හෝටල් සහ ලැගුම්හල් සෝදිසි කිරීමේ විශේෂ වැඩසටහනක් අනුව සිදුව පොලිසිය විසින් කරන ලද සෝදිසි මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
එම අවස්ථාවේදී වීසා නොමැතිව බංගලාදේශ ජාතිකයන් හයදෙනාට රැදීසිටිමට පහසුකම් සැලසූ ලැගුම්හල් හිමිකරුවාව ද එලෙස අත්අඩංගුවට ගෙන තිබේ.