දීපවාලි උත්සව අත්තිකාරම් වැඩි කරයි

දීපවාලි උත්සව අත්තිකාරම් වැඩි කරයි

දීපවාලි උත්සවය වෙනුවෙන් රාජ්‍ය වැවිලි සමාගම් විසින් වාර්ෂිකව ලබා දෙන උත්සව දීමනාව රුපියල් 10,000 ඉහල දමා ඇතැයි පරිසර, වනජීවී, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය පවසයි.

රාජ්‍ය වැවිලි සමාගමේ (SPC), ඇල්කඩුව වැවිලි සමාගම සහ ජනතා වතු සංවර්ධන මණ්ඩලය (JEDB) යටතේ පාලනය වනු ලබන වතු සමාගම් වල සේවකයින්ට මෙම උත්සව දීමනාව ලබා දීමට නියමිතය.

මීට පෙර වර්ෂ වල රුපියල් 10,000 ක් වූ දීපවාලි උත්සව අත්තිකාරම මෙම වර්ෂයේ 20,000ක් වනු ඇතැයි එම අමාත්‍යංශය පවසයි.

දමිළ කම්කරු ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව පහළ අගයක පැවතීම සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බවයි, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය සඳහන් කළේ.