ලිට්‍රෝ සමාගමට ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් සැපයීමේ කොන්ත්‍රාත්තුව සෞදි අරාබියානු සමාගමකට

ලිට්‍රෝ සමාගමට ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් සැපයීමේ කොන්ත්‍රාත්තුව සෞදි අරාබියානු සමාගමකට

2025 වසර සඳහා ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් සැපයීමේ කොන්ත්‍රාත්තුව සෞදි අරාබියානු සමාගමක් වන M/s OQ Trading Limited වෙත ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් වෙත 2025 වර්ෂය සඳහා ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් සපයා ගැනීම පිණිස ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රම වේදය අනුගමනය කරමින් තනි අදියර ද්විත්ව කවර ක්‍රමය යටතේ ලංසු කැඳවා ඇත.

ඒ සඳහා M/s OQ Trading Limited සහ M/s Siam Gas Trading Pte Ltd. පමණක් ලංසු ඉදිරිපත් කර තිබේ.

තාක්ෂණ ඇගයීමේදී M/s Siam Gas Trading Pte Ltd විසින් ඉදිරිපත් කරන ලද ලංසුව ප්‍රතික්ෂේප වී ඇත.

ඒ අනුව, තාක්ෂණික ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත සාරානුකූල ප්‍රතිචාරාත්මක ලංසුකරු වශයෙන් M/s OQ Trading Limited වෙත 2025 වර්ෂය සඳහා වන ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් සැපයීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම පිණිස මුදල්, ආර්ථීක සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.