කටුනායක ගුවන් තොටුපොලේ බෝම්බ බිය ඇති කළ පුද්ගලයා මාට්ටු

කටුනායක ගුවන් තොටුපොලේ බෝම්බ බිය ඇති කළ පුද්ගලයා මාට්ටු

ඉකුත් 27 වනදා කටුනායක ගුවන් තොටුපොලේ බෝම්බයක් ඇති බවට ව්‍යාජ දුරකථන ඇමතුමක් ලබාදුන් පුද්ගලයා වාරියපොළ ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වාරියපොළ ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය පැවසීය.

සැකකරු විසින් පසුගිය ඉරිදා දින කටුනායක ගුවන් තොටුපොලෙහි බෝම්බයක් ඇති බවට සඳහන් කරමින් ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ කළමනාකරුට දුරකථනයෙන් ඇමතුමක් ලබා දී ඇති බව පොලිසිය සඳහන් කරයි.

මෙම ඇමතුමෙන් අනතුරුව ගුවන් තොටුපොලේ කටයුතු වලට බාධා එල්ල වී ඇති අතර, ගුවන් තොටුපොල සහ මගීන් දැඩි පරීක්ෂාවට ලක් කිරීම හේතුවෙන් ගුවන් ගමන් ප්‍රමාදයක් ද සිදුව තිබුණි.