වසර 34 කට පසු කන්කසන්තුරේ තැපැල් කාර්යාලය යළි විවෘත කෙරේ

වසර 34 කට පසු කන්කසන්තුරේ තැපැල් කාර්යාලය යළි විවෘත කෙරේ

වසර 34 කට පසුව යාපනය කන්කසන්තුරේ තැපැල් කාර්යාලය යළිත් පෙර තිබූ ස්ථානයේදීම 26 දා සිට විවෘත කොට තිබේ.

1990 වසරේ රටේ පැවැති යුද්ධය හේතුවෙන් කන්කසන්තුරේ ප්‍රදේශය අතහැර වැසියන් ඉවත් වීමත් සමගම පලාලී යුද හමුදා කඳවුර හා ගුවන් තොටුපල ආරක්ෂාව වෙනුවෙන් එම පළාත අධි ආරක්ෂිත කලාපයක් වශයෙන් ප්‍රකාශයට පත් කිරිමට ආරක්ෂක අමාත්‍යාංශයට සිදුවිය.

මේ වන විට එම පළාතේ ක්‍රියාත්මක වූ අධි ආරක්ෂිත කලාපය ඉවත් කිරීමත් සමගම කන්කසන්තුරේ තැපැල් කාර්යලයද ගම්වාසීන්ගේ ප්‍රයෝජනය පිණිස ස්ථාපිත කොට එය විවෘත කොට  තිබේ.