අණ නොතකා ධාවනය කළ ලොරියකට පොලිසියෙන් වෙඩි
සූරියවැව – මීගහජදුර ප්රදේශයේදී බලපත්ර නොමැතිව එළ ගවයින් පටවා ගෙන පොලිස් අණ නොතකා පලායාමට තැත්කල ලොරි රථයකට අද (27) අලුයම පොලිසිය වෙඩි තබා තිබේ.
එහිදී එක් සැකකරුවෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර ලොරි රථයේ සිටි තවත් සැකකරුවෙකු පලාගිය බව පොලිසිය පැවසීය.
අත් අඩංගුවට ගත් කුඩා ලොරි රථයේ එළගවයින් 16 දෙනෙකු පටවා සිටි බවත් ඉන් තෙරපුම නිසා දෙදෙනෙකු මියගොස් තිබූ බවත් පොලිසිය පැවසීය.
ලුණුගම්වෙහෙර ප්රදේශයේ සිට ගවයින් පටවා ගත් ලොරි රථය සූරියවැව මීගහජදුර මාර්ගයේ ගමන් කරමින් සිටියදී සූරියවැව අසපුව අසල බෝපැලේ හන්දියේ මාර්ග බාධකයක් යොදා සිටි සූරියවැව පොලිසියේ නිළධාරින් කණ්ඩායමක් ලොරි රථයට නැවැත්වීමට අණ කර තිබේ.