නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම හෙට සිට

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම හෙට සිට

පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම හෙට (27) සිට ආරම්භ කරන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පවසයි.

මේ වනවිට එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට භාරගෙන අවසන් බවයි, රණසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම සඳහා විශේෂ දින තුනක්ද වෙන් කර තිබෙන අතර ඒ අනුව, හෙට (27) දිනයේ, ලබන 31වනදා හා නොවැම්බර් 03වනදා යන දිනවලදී නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හරින බවයි, තැපැල් දෙපාර්තමේන්තුව පවසන්නේ.

2024 පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් 14 වැනි දා පැවැත්වීමට නියමිතයි.