බලංගොඩ පාසලක සිසුන් 22 ක් හදිසියේ රෝහල්ගත කෙරේ
බලන්ගොඩ නගරයේ පාසලක දරුවන් පිරිසක් හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් බලංගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.
එම දරුවන් විසින් රසායනික දියර වර්ගයක් භාවිතා කර පාසලේ වැසිකිළි පිරිසිදු කර ඇති අතර එහිදී ක්ලාන්තය සෑදීම හේතුවෙන් මෙලෙස රෝහල් ගත කර ඇත.
බලංගොඩ සී. සී. දෙමළ මහා විද්‍යාලයේ ළමුන් 22 ක් එසේ රෝහල්ගත කර ඇති අතර මේ වන විට එම දරුවන් වෙත ප්‍රතිකාර ලබා දෙමින් ඇති බව බලංගොඩ රෝහල් ප්‍රකාශකයකු සඳහන් කළේය.