මධ්‍යම පළාත් පුස්තකාල සේවා මණ්ඩලයේ සභාපති NPP එකෙන් ඡන්දය ඉල්ලන්න ගිහින් තනතුර නැති කර ගනී
මධ්‍යම පළාත් පුස්තකාල සේවා මණ්ඩලයේ සභාපති ධූරයේ කටයුතු කරමින් සිටිය දී ජාතික ජනබලවේගය යටතේ නුවර එළිය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මහමැතිවරණයට තරඟ වදින ඒ.ජී මුදියන්සේ වහාම ක්රියාත්මකවනක පරිදි එම ධූරයෙන් ඉවත් කර ඇත.
ට්‍රාන්ස්පේරන්සි ආයතනය මැතිවරණ කොමිසම වෙත කළ පැමිණිල්ලක් සැලකිල්ලට ගනිමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එස්.බී.එස් අබේකෝන් විසින් එම තීන්දුව ගෙන තිබේ.
පසුගිය 20 වැනිදා මධ්‍යම පළාත් පුස්තකාල සේවා මණ්ඩලයේ සභාපති ධූරයට ඒ.ජී මුදියන්සේ පත්කරනු ලැබුයේ ද ආණ්ඩුකාරවරයා විසිනි.
අදාළ පත්වීම් සිදුකර කරන අවස්ථාව වනවිට එන්.ජී මුදියන්සේ අපේක්ෂකයෙකු ලෙස මහ මැතිවරණයට ඉදිරිපත් වන බව ආණ්ඩුකාර කාර්යාලය දැනුවත්ව සිට නොමැති බව එම කාර්යාලය පවසයි.