ඊශ්‍රායල ජාතිකයින්ට හදිසි අවශ්‍යතාවකදී දැනුම්දීමට දුරකථන අංකයක්
සංචාරකයන් වශයෙන් හෝ වෙනත් අවශ්‍යතාවයන් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඊශ්‍රායල ජාතිකයකින් සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.
ඔවුන්ට යම් පෞද්ගලික ආරක්ෂාවක් සපයා ගැනීමට අවශ්‍ය බව පෙනීයන්නේ නම් ‘071-8592651’ යන දුරකථන අංකයට සෘජුව අමතා අවශ්‍ය සහයෝගය ලබා ගත හැකි බවයි, පොලිසිය දන්වා සිටින්නේ.
මෙම දුරකථන අංකය පොලිස් සංචාරක හා නාවික දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දමයන්ත විජය ශ්‍රී මහතාගේ වන අතර ඔහු විසින් අවශ්‍යතාවය පිලිබඳ සොයා බලා සුදුසු ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කරන බවයි, සඳහන් වන්නේ.
තොරතුරු ලබා දීමේදී ඔබගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම අවශ්‍ය බැවින් ඔහු විසින් විමසන තොරතුරු ලබාදීමට කාරුණික වන ලෙසද පොලිස් මුලස්ථානය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්.